විභාගේ පාස් වෙන්න තියෙන ආශාවට O/L ලියන්න ආව සීයා

ඊයේ (28) පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට වයස අවුරුදු 74ක පුද්ගලයෙක් පෙනී සිට තිබුණි.
ගලන් ගොඩගේ චන්ද්‍රදාස වන ඔහු නෙළුව කලුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සාමාන්‍ය පෙළ විභාග සමත්වීමට ඇති දැඩි ආශාව හේතුවෙන් තමන් අසමත්වූ විද්‍යාව සහ ගණිතය යන විෂයන් දෙකකට ඔහු එලෙස පෙනී සිට තිබේ.
ඔහු සඳහන් කලේ ඉගෙන ගන්නා කිසිම දෙයක් අපතේ නොයන බවය.

