සියලුම වෛද්‍ය සිසුන් අද පාරට

ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය පීඨවල සිසුන් අද (29දා) විරෝධතාවක් සංවිධානය කර තිබේ.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් පවත්වන මෙම විරෝධතාව අද පස්වරු 2.30ට කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික, දේශපාලන අර්බුද විසඳන ලෙස බලකරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

