තවත් පෝලිමක් අත ළඟ

ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල හිඟයක් මෙන්ම බේකරි නිෂ්පාදන සඳහා ද පෝලිම් යුගයක් ඇති විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
මහා පරිමාණ බේකරි නිෂ්පාදන ආයතන හැරෙන්නට කුඩා පරිමාණයේ බේකරි නිෂ්පාදන ආයතන වැසී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.

