දුමිරිය ගාස්තුත් ඉහළට

දුම්රිය වෙන් කළ ආසන සදහා වන ගාස්තු ජුනි පළමු වැනිදා සිට ඉහළ දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව ලබන පළමු වැනිදා සිට දුම්රිය වෙන් කළ අසුන් සඳහා වන ගාස්තුව 30 %කින් ඉහළ දමා ඇත.
මෙලෙස ගාස්තු මිල ගණන් ඉහළ දැමීමට හේතුව ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ දුම්රියන් හි සිදුවන පාඩුව අවම කර ගැනීම සදහා බවයි.
දුම්රිය ටිකට් පතක මිල බස් ගාස්තුවෙන් 25% ක් ප්‍රමාණයක් බව ද ඔහු පැවසීය.
දෛනිකව ඉන්ධන සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 40ක් පමණ වැය කිරීමට සිදුවුව ද දෛනික ආදායම රැපියල් මිලියන 15ක් පමණ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන්ධනවලට අමතරව අනෙකුත් කාර්ය සඳහා ද දෛනිකව මිලියන 30 ක් වැය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.

