ජනතාවට සහන දෙන්න රුපියල් බිලියන 695ක්

ජනතාවට සහන දෙන්න රුපියල් බිලියන 695ක්

මහජනතාවට සහන සැලසීම සහ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම රුපියල් බිලියන 695ක ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යපෘති යටතේ සලසා ගැනීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.