දුමින්දව වහාම අත්අඩංගුවට ගන්නැයි CIDයට නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 31) නියෝග කර තිබේ.
ඒ, ඔහුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට ගත් තීරණය වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අතුරු නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
යසන්ත කෝදාගොඩ, ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා තිබේ.

