මෙරට උද්ධමනය වසරකදී 28.3%කින් ඉහළට

මෙරට උද්ධමනය වසරකදී 28.3%කින් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ උද්ධමනය 5.5ක් ලෙස පැවති අතර මෙම වසරේ අප්‍රේල් මස, එනම් පසුගිය මාසයේ උද්ධමනය දැක්වෙන්නේ 33.% ලෙසයි.
එසේම මෙම වසරේ මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ උද්ධමනය ද 12.3% කින් ඉහළ ගොස් තිබෙනවා.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ දත්ත වලට අනුව අප්‍රේල් මාසයේ වැඩිම උද්ධමනයක් වාර්තාවන්නේ ප්‍රවාහන ක්ෂේත්රයට අදාලවයි. එය 52.5% ක්.
අනතුරුව වැඩිම උද්ධමනයක් වාර්තාවන්නේ ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ග වලයි. එය 45.1% ක් ලෙස දැක්වෙනවා.
අධ්‍යාපන ක්ෂේත්රයේ උද්ධමනයද සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇති අතර, මහ බැංකු වාර්තා වලට අනුව සන්නිවේදන ක්ෂේත්රය අඩුම උද්ධමනයක් වාර්තා කරනවා.
කෙසේ වෙතත් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මහ බැංකු වාර්තාවල දැක්වෙන දත්ත වලට වඩා තුන් හතර ගුණයකින් මෙරට උද්ධමනය ඉහළ ගොස් ඇති බවයි.

