වැට් බද්ද සහ විදුලි සංදේශ බද්ද ඉහළට, ප්‍රකාශයට පත් කර නව බදු සංශෝදන මෙන්න..

වැට් බද්ද සහ විදුලි සංදේශ බද්ද ඉහළට, ප්‍රකාශයට පත් කර නව බදු සංශෝදන මෙන්න..

2022 වසරේ දී සහ ඉන් ඔබ්බට ආදායම් වැඩි කර ගැනීම සහ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

2019 වසරේ බදු ලිහිල් කිරීම තුළින් වාර්ෂිකව රුපියල් බිලියන 600 ත් 800 ත් අතර ප්‍රමාණයක බදු ආදායමක් රටට අහිමිවී ගොස් ඇති බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස කලාපයේ අඩුම ආදායම් අනුපාතය මෙරටින් වාර්තාවී තිබෙනවා.

සාර්ව ආර්ථික ස්ථායිතාවය තහවුරු කිරීම සඳහා රට මධ්‍ය කාලීන මෙන්ම දීර්ඝ කාලීන ආර්ථික වර්ධන අභිමතාර්ථ සඳහා සහාය දැක්වීමට කඩිනමින් බදු ඉහළ දැමිය යුතු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව එකතු කළ අගය මත බද්ද සියයට 8% සිට 12% දක්වා වැඩි කිරීමට සහ විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ක්‍රියාත්මක කිරීමට නියමිත බදු සංශෝධන ලයිස්තුව පහතින්.