විභාග මධ්‍යස්ථානයකදී සිසුවියකට සිදුවූ අතවරයක් ගැන පරීක්ෂණයක්

පසුගිය 25 වැනිදා හිඳෝගම පාසල් විභාග මධ්‍යස්ථානයක් තුළ අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා පෙනී සිටි සිසුවියකට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු කියාදෙන මුවාවෙන් විභාග නිරීක්ෂකයෙකු විසින් අතවර කිරීමක් සම්බන්ධයෙන් වාර්තා පළවීමෙන් පසුව අධ්‍යාපන අමාත්‍යවරයා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා
ඒ පිළිබඳ වහාම ක්‍රියාත්මක වන පරිදි පූර්ණ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් දැනුම් දී තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා
හිඳෝගම පොලිසිය විසින් නිරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ පිළිබඳව නිවේදනයක් ද නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින් දැකගත හැකියි.


