ශවේන්ද්‍ර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට යයි – විකුම් යුද හමුදාව බාර ගයි

හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ කටයුතු කරනු ඇත.
එම පත් කිරීමට අදාළ පත්වීමේ ලිපිය අද (31) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා විසින් ඔහු වෙත බාර දී තිබෙනවා.
මේ දක්වා යුද්ධ හමුදාපති ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.
මේ අතර මේජර් ජෙනරාල් විකුම් ලියනගේ නව යුද්ධ හමුදාපති ධුරයට පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීමේ ලිපිය අද (31) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා විසින් නව යුද්ධ හමුදාපතිවරයාට බාර දුන්නා.
ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටින ජ්‍යෙෂ්ට ම නිලධාරියා වන ඔහු හෙට (01) සිට වැඩ බාර ගැනීමෙන් අනතුරුව ලුතිනන් ජෙනරාල් ධුරයට උසස් වීමට නියමිතයි.
වසර 35ක සිය සේවා කාලය තුළ මේජර් ජෙනරාල් විකුම් ලියනගේ 4වන ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරී, කණ්ඩායම් භාර අණ දෙන නිලධාරී, අණ දෙන නිලධාරී, බලසේනා, සේනාංක, ආරක්ෂක සේනා අණදීමේ තනතුරු ඇතුළු මාණ්ඩලික සහ උපදේශක තනතුරු රැසක් හොබවා තිබෙනවා.

