ලංකාවට එනවනම් ගුවන් යානාවලට තෙල් පුරවන් එන්න

ලංකාවට එනවනම් ගුවන් යානාවලට තෙල් පුරවන් එන්න

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවලට අවසන් ගුවන් ගමන දක්වා ප්‍රමාණවත් වන පරිදි ඉන්ධන රැගෙන එන ලෙස හෝ වෙනත් ගුවන් තොටුපළකින් ඉන්ධන සපයා ගැනීමට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර ගුවන් සේවාවලින් ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබේ.

බ්ලූම්බර්ග් පුවත් සේවය වෙත අදහස් දක්වමින් සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ රෙහාන් වන්නියප්පා මේ බව පවසා ඇත.

මේ වන විට ගුවන් යානා ඉන්ධන හිඟයක් පවතින බැවින්, එම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙත ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රමාණවත් වන පරිදි ගුවන් යානා ඉන්ධන රැගෙන යාමට කටයුතු කරන ලෙස ගුවන් සමාගම් වෙත දැනුම් දෙන බව ඔහු සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රීලංකන් ගුවන්යානා සඳහා ඉන්ධන නැවත පිරවීම මේ වන විට දකුණු ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළ සහ ඩුබායි ගුවන්තොටුපළ වෙතින් සිදුකෙරන බව බ්ලූම්බර්ග් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.