ලබන සඳුදා සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වන බව කියයි

ලබන සඳුදා සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වන බව කියයි

බස් රථ ධාවනය සඳහා ප්‍රමාණවත් ඩීසල් ලබා දීමට නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති හෙයින් ලබන සඳුදා (මැයි 06) සිට බස් ධාවනයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් සිසු සිසුවියන්ට අපහසුතාවක් වන හෙයින් මෙතෙක් බස් රථ ධාවනය කළ බව ය.

ලබන සඳුදා දිනය වන විට ඩීසල් අර්බුදයට විසඳුමක් නොලැබෙන්නේ නම් එදින සිය බස් ධාවනයෙන් ඉවත් වීමට ඔවුන් තීරණය කර තිබේ.

ඩීසල් අර්බුදය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුව ද, කිසිදු ප්‍රතිඵලයක් මෙතෙක් ලැබී නැතැයි ගැමුණු විජේරත්න මහතා චෝදනා කළේ ය.

COMMENTS