නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් වැටී පුද්ගලයෙක් මරුට

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් වැටී පුද්ගලයෙක් මරුට

කළුතර, නාගොඩ රෝහලේ හදිසි අනතුරු අංශයේ දෙවැනි මහලෙන් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද උදෑසන ඔහු එම අනතුරට මුහුණ පා ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, පයාගල පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර අම්පාර ප්‍රදේශයේදී නිවසක උඩු මහලින් බිමට වැටීමෙන් තවත් පුද්ගලයෙකු මියගොස් ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගියේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.