පොලීසියට පාට් දැමු මන්ත්රී පුතා සහ ඔහුගේ බිරිඳ අල්ලන්න පොලීසිය ජනතාවගෙන් සහය ඉල්ලයි

අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගත් දිලිප් වෙදආරච්චිගේ පුතු , රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ , නෙත්මි හරින්දික සිල්වා යන අය සිටින ස්ථානයක් සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවට දන්වා සිටිනවා.
ඒ අනුව 071 -8591493 හෝ 047 -2246226 යන අංක වලට අමතා එම තොරතුරු ලබා දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
එමෙන්ම SGPG – 4507 දරන කැබ් රථය සම්බන්ධයෙන්ද තොරතුරු වෙතොත් ලබා දෙන ලෙස වීරකැටිය පොලිසිය ඉල්ලා සිටිනවා.
පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑමට අදාළව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.


සබැඳි පුවත :- https://bit.ly/3Q7VVZ0

