මාලිංග යළිත් ශ්‍රී ලංකා T20 කණ්ඩායම සමඟ එක්වෙයි

මාලිංග යළිත් ශ්‍රී ලංකා T20 කණ්ඩායම සමඟ එක්වෙයි

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි එක්දින සහ 20 යි 20 තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙසට ලසිත් මාලිංග පත්කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 තරගය ලබන 7 වනදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම, ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වීමට නියමිත යි.

මේ අතර, මෙම තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම මිල ගණන් මෙසේ යි.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය -රුපියල් 300, 1500, 2500, 4000, 5000

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය – රුපියල් 300, 2000, 4000, 5000, 6500

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය – රුපියල් 300, 500, 1000, 5000, 7500