ගෑස් තොග බෙදා හැරීම හෙටින් අවසන්

ගෑස් තොග බෙදා හැරීම හෙටින් අවසන්

හෙට දිනයෙන් පසු ගෑස් තොග බෙදා හැරීම අවසන් වන බව ලිට්රෝ සමාගම පවසනවා.

ඒ අනුව හෙට දිනයේ ගෑස් සිලින්ඩර 16,000ක් පමණක් බෙදා හැරෙනු ඇති.

යළි ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන්නේ ලබන ඉරිදා දිනයේයි.

ඒ අනුව ගෑස් බෙදා හැරීම ලබන අඟහරුවාදා සිට සිදුකළ හැකි බවයි එම සමාගම සඳහන් කරන්නේ. එම නිසා පෝලිම්වල රැදී නොසිටින ලෙසයි ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.