පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ඩීසල් සමඟ මාට්ටු

පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුගේ නිවසේ ගබඩා කර තිබු ඩිසල් ලීටර් 212ක් සමග මන්ත්‍රීවරයා අද (3) අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගර සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රි මොහාන් දුමින්ද නැමති මන්ත්රිවරයෙකී.
අදාල මන්ත්‍රිවරයාගේ නිවසේ ඩිසල් ගබඩා කර ගනිමින් වැඩි මිලට අලේවි කරන බවට පුත්තලම මුලස්ථාන පොලිසියේ දුෂණ මර්ධන අංශයට ලැබුන තොරතුරක් මත අදාල වැටලීම සිදු කළේය.
එහි දී රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ඩිසල් තොගයක් හා පෙට්‍රල් ලීටර් කිපයක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

