බැසිල් සහ තිරු නඩේෂන් නිදොස් කොට නිදහස්

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා තිරු නඩේෂන් මල්වානේ නිවස පිළිබඳ නඩුවෙන් නිදොස් කොට් නිදහස් කර තිබෙනවා.
ඒ ගම්පහ මහාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව යි.
මල්වානේ පිහිටි සුපිරි නිවස පිළිබඳ සිද්ධියට බැසිල් රාජපක්ෂට චෝදනා එල්ල වී තිබුණේ, දීර්ඝ කාලයක සිට යි.
නමුත් එහි නිවැරැදි අයිතිකරුවකු තහවුරු කරගැනීමට කිසිදු වෙලාවක හැකි වුණේ නෑ.

