විදේශිකයන්ට බීර සහ වයින්

විදේශිකයන්ට බීර සහ වයින්

රජයේ ලියාපදිංචි සියලු ව්‍යාපාරිකයන් සඳහා විදේශිකයන්ට බීර සහ වයින් අලෙවි කිරීමේ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන්ට ණය ගෙවීම් සඳහා ලබා දී ඇති වාරිකවල කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට ද කටයුතු කරන බවයි.

මේ අතර ආනයනික සියලු මත්පැන් වල මිල ඉහළ දමා තිබෙනවා.

ඒ මුදල් අමාත්‍යාංශය විසින් මත්පැන් ආනයනය කිරීමේදී තීරු බද්ද මත සියයට සියයක අධි භාරයක් පැනවීම හේතුවෙන්.

ඒ අනුව, වයින්, විස්කි, රම්,ජින්, වොඩ්කා වැනි ආනයනික මත්පැන්වල මිල ඉදිරියේදී ඉහළ යනු ඇති.

COMMENTS