සංගත් පෝළිමක – පෝළිමට පිටින් යන්න බෑ කියයි

සංගත් පෝළිමක – පෝළිමට පිටින් යන්න බෑ කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය රියදුරු බලපත්‍රය අලුත් කරගැනීම සඳහා දීර්ඝ පෝළිමක රැඳී සිටින අයුරු සමාජ ජාලවල පින්තූර හුවමාරු වෙමින් තිබේ.

අදාල සටහනේ දැක්වෙන්නේ ඔහු පැය දෙකක පමණ කාලයක් තිස්සේ පෝළිමේ සිටිය බවයි.

එම ඡායාරූප සමඟ මෙවැනි සටහනක් ද හුවමාරු වෙමින් තිබේ.

ලයිසන් අලුත් කරගන්න ඉන්න පෝලිමෙ පැය දෙකක විතර ඉඳලා ඉන්නෙ කවුද කියලා අඳුරගන්න පුලුවන්ද ?

නිලධාරින් දහයකට වැඩිය ඇවිත් අහනවා

” ඔයා ඇයි පොලිමෙ ඉන්නෙ ඔයා එන්න ඇතුලට යන්න “
” අවුලක් නෑ තව පොඩ්ඩයිනෙ “

ඒ ඔක්කොමලටම දුන්නෙ එකම උත්තරය..

ඒ නිහතමානී කමට ගරු කරනවා..