ආහාර හිඟය නිසා සත්තුවත්තේ සතුන්ට කරන්න යන දේ

ආහාර හිඟය නිසා සත්තුවත්තේ සතුන්ට කරන්න යන දේ

ආහාර අර්බුදය නිසා සතුන්වත්තේ තෝරාගත් සතුන් අභයභූමි වෙත මුදාහැරීමට අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව විලෝපිකයන් නොමැති ප්‍රදේශ තෝරාගෙන මෙලෙස සතුන් මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.
මේ සඳහා මුවන්, ගොනුන් වැනි සතුන් මේ වනවිටත් තෝරාගෙන ඇති බවද සඳහන්.

කෙසේවෙතත් පරිසරවේදීන් මේ සම්බන්ධයෙන් විරෝධය පළකරනවා. ඔවුන් පවසන්නේ දීර්ඝ කාලයක් පරිසරයෙන් පිටත ජීවත් වූ එම සතුන් එක්වරම පරිසරයට මුදාහැරීම නුසුදුසු බවයි.

ඊට පිළිතුරු ලබාදෙමින් දෙහිවල සතුන්වත්තේ ප්‍රධානියෙකු සඳහන් කළේ, අදාල සතුන්ට ගැටළුවක් නොවන ආකාරයේ වනභුමි වලට මෙම සතුන් මුදාහැරීමට අවධානය යොමුව ඇති බවයි.