පිටතින් ආ පිරිසකගෙන් වෛද්‍යවරයෙකුට ප්‍රහාරයක්

ඊයේ (03) රාත්‍රියේදී බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දී තුවාල සිදුකළේ යැයි සැකපිට බදුල්ල බදුළුපිටියේ පදිංචි පුද්ගලයන් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.
එම පහරදීම සිදුකර තිබෙන්නේ නිධන්ගත රෝගී තත්ත්වයක සිටි රෝගියෙකුට අසාධ්‍ය වූ අවස්ථාවේ නිසි ප්‍රතිකාර ලබා නොදීම නිසා නිසා රෝගියා මිය ගියේ යැයි පවසමිනි.
මේ වනවිට පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම පහරදීම හේතුවෙන් මේ වන විට එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය විරෝධතාවයක නිරතව සිටී.

