රුසියානු ගුවන් යානයේ සියලු මගීන් දිවයිනෙන් පිටව ගිහින්

අධිකරණ නියෝගයක් මත රඳවාගැනුනු රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයෙන් මෙරටට පැමිණ සිටි සියලුම මගීන් මේ වනවිට දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
එහි උප සභාපති රජීව් සූරියආරච්චි සඳහන් කළේ අදාළ යානයෙන් ගුවන් මගීන් 191 දෙනෙකු පැමිණ සිටි බවයි.

