ජල බිල්පත් මුද්‍රණයට කඩදාසි නෑ – ඊ – බිල්පතට ලියාපදිංචි වෙන්න

ජල බිල්පත් මුද්‍රණයට කඩදාසි නෑ – ඊ – බිල්පතට ලියාපදිංචි වෙන්න

ජල පාරිභෝගිකයින්ට සිය බිල්පත ඊමේල් මගින් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ සඳහා 07193 99999 අංකයට ජල ගිණුම් අංකය සහ ඊමේල් ලිපිනය යොමුකළ යුතු වනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය වාණිජ සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ කියා සිටියේ ඉදිරි මාස 03 ක කාලය සඳහා ජල බිල්පත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කරන කඩදාසි මණ්ඩලය සතුව පවතින බවයි.

COMMENTS