පෞද්ගලික බස් රථ ධාවනය හෙට සිට සීමා වෙයි

පෞද්ගලික බස් රථ ධාවනය හෙට සිට සීමා වෙයි

පෞද්ගලික බස් රථ ධාවනය හෙට (06) සිට 50%ක් දක්වා අඩු කරන බව බස් සංගම් පවසයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පවතින ඩීසල් හිඟය හමුවේ මෙම පියවර ගැනීමට සිදු වන බවයි.

මේ අතර දුර ගමන් සේවා බස් රථ ධාවනය අඩාල වී ඇතැයි අන්තර් පළාත් පෞද්ගලික බස් සංමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසයි.

මේ අතර මගී ප්‍රවාහන බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළි‌වෙළක් සකස් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

එහි ලේකම්, ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි මහතා පැවසුවේ, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සමග සාකච්ජා කර මේ සඳහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇති බවයි.