රුසියානු ගුවන් යානයේ ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නෙවෙයි

රුසියානු ගුවන් යානයේ ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නෙවෙයි

රුසියානු Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුසියානු බලධාරීන් වෙත දන්වනු ලැබ තිබේ.

මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය හරහා අදාළ දැනුවත් කිරිම සිදුකර ඇත.

රුසියානු Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පෞද්ගලික නීතිමය ගැටලුවක් වන බව ත් ඒ පිළිබඳ වන අධිකරණ කටයුතු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කර ඇති බව ත් අග්‍රාමාත්‍යවරයා රුසියාවට දැනුම් දී තිබේ.

COMMENTS