මහින්දගේ සම්බන්ධීකරණ ලේකම් රිමාන්ඩ්

මැයි 09 වනදා ගාලු මුවදොර සහ කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරය අසල ප්රචණ්ඩකාරී සහ කළහකාරී ක්රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි තංගල්ලේ පදිංචි 53 හැවිරිදි මෙම සැකකරු අද කොළඹදී අත්අඩංගුවට ගනු ලැබුවේ.
සැකකරු කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

