කප්පම් නඩුවෙන් ඇමති ප්‍රසන්න එක් චෝදානාවකට වැරදිකරු වෙයි

කප්පම් නඩුවෙන් ඇමති ප්‍රසන්න එක් චෝදානාවකට වැරදිකරු වෙයි

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එක් චෝදනාවකට වරදකරු ලෙස නම් කිරීමට මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (ජූනි 6) නියෝග කළේ ය.

ඒ අනුව, පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත් බවට වන චෝදනාව සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වරදකරු ලෙස නම් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ ය.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගැනීමට යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබිණි.

මෙම නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි මීට පෙර අවසන් කර තිබුණු අතර එහි තීන්දුව ලබා දීම අද දිනට නියම වී තිබුණි.