ප්‍රසන්නගේ වරදට දුන් දඬුවම

ප්‍රසන්නගේ වරදට දුන් දඬුවම

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (ජූනි 6) නියෝග කළේය.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත් බවට වන චෝදනාව වරදකරු ලෙස නම් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේය.

එමෙන් ම, පැමිණිලිකරු වෙත රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේ ය.

විත්තිකරු සෙසු චෝදනාවලින් නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් ද සියලු චෝදනාවලින් නිදහස් කිරීමට විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගැනීමට යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබිණි.

මෙම නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි මීට පෙර අවසන් කර තිබුණු අතර එහි තීන්දුව ලබා දීම අද දිනට නියම වී තිබුණි.