පොලිස් වාහනවලටත් ඉන්ධන නිකුත් කිරීම සීමා වෙයි

සියලුම පොලිස් ස්ථානවල සහ පොලිස් නිලධාරීන්ගේ වාහන සඳහා භාවිතයට ගැනෙන ඉන්ධන ප්‍රමාණය සියයට විස්සකින් අඩු කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න චක්‍රලේඛයක් මගින් දැනුම්දී තිබෙනවා.
මේ මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.
විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් මීට පෙර ද පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සියයට 15 කින් අඩු කිරීමටත්, අනවශ්‍ය විදුලි පහන්, විදුලි පංකා සහ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමටත් උපදෙස් ලබා දී තිබුණා.

