වැට් බදු නිසා බනිස් මිලත් ඉහළට

වැට් බදු නිසා බනිස් මිලත් ඉහළට

පාන් හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදන සඳහා සියයට 12ක වැට් බදු ගෙවීමට බේකරි හිමියන්ට සිදුවීම නිසා බනිස්, ෂෝටීස් ආදී ආහාරවල මිල රුපියල් 10කින් ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.

අදාළ වැට් බද්ද ඉවත් කිරීමට රජය කටයුතු නොකළහොත් බනිස් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසයි.

කුඩා ප්‍රමාණයේ බේකරි හිමියන් මෙම බදු මුදලින් නිදහස් වූවද, සමස්ත බේකරි හිමියන්ගෙන් සියයට 60 කට පමණ අදාළ බදු මුදල ගෙවීමට සිදුවී ඇතැයිද ඔහු කියා සිටියි.

පනවා තිබෙන වැට් බද්දෙන් බේකරි හිමියන් නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කරයි. මේ සම්බන්ධව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.