එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීමේ චෝදනාවට පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම්

රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීමේ චෝදනාවට ලක්ව සිටින කොළඹ වාණිජ්‍ය මහා අධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.
මේ අතර මෙම චෝදනාවට ලක්ව සිටින නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීම සුදුසු බව දන්වමින් ගරු අග්‍ර විනිශ්චයකාර තුමා වෙත දන්වා යැවීමට ද අධිකරණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

