කබ්රාල් ඇප මත මුදාහරී

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් මිලියන දහයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් ගොණු කරන ලද පැමිණිල්ලකට අදාලව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම නියෝගය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නිකුත් කර තිබේ.
නඩුව නැවත කැඳවීම අගෝස්තු 23 වනදා සිදුකිරීමට නියමිතයි.
මෙම නඩුවට අදාළව සංශෝධිත පැමිණිල්ලක් ගොණු කිරීමටද පූජ්‍ය තිනියාවල පාලිත හිමියන්ට අධිකරණය අවසර දෙනු ලැබීය.
අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා අමෙරිකාවේ සී. අයි. ඒ සංවිධානයේ සාමාජිකයකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගෙවා ඇති බව පැමිණිලිකාර තිනියාවල පාලිත හිමියන් සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබේ.
එවැනි අතිවිශාල මුදලක් ගෙවා ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව වන බැවින් එය ඉතා බරපතළ වරදක් බව පැමිණිලිකාර තිනියාවල පාලිත හිමියන් සඳහන් කරයි.

