දිලිප් වෙද ආරච්චිගේ පුතා සහ ලේලිය රිමාන්ඩ්

දිලිප් වෙද ආරච්චිගේ පුතා සහ ලේලිය රිමාන්ඩ්

පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චිගේ පුත්‍රයා සහ පුතුගේ බිරිඳ හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් වළස්මුල්ල මහේස්ත්‍රාත් මහේෂිකා විජේතුංග වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මී හරින්දි ද සිල්වා ට පසුගිය 01 වනදා දක්ෂිණ අධිවේග මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණා.

ඒ සම්බන්ධයෙන් වූ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වුනා.