වරාය නගරයට ආයෝජකයින් ගෙන්වා ගන්න අලුත් වැඩක්

වසර 40ක බදු සහන කාලයක් කොළඹ වරාය නගරයේ අයෝජකයින් සඳහා ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ , විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම බදු සහන ලබා දෙන බවයි.
“ලෝකයේ තරගකාරී රටවල් විදේශ අයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අපේ රටට වඩා ඉතා ආකර්ෂණීය සහන , වරප්‍රසාද විදේශීය ආයෝජකයින්ට දෙනවා. වෙන රටවල අය අපේ රටට ආකර්ෂණය කර ගන්නට නම් තරගකාරී අනෙක් රටවල් ලබා දෙන සහනවලට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න ඕන.”
වරාය නගර ව්‍යාපෘතිය ලංකා ඉතිහාසයේ තනි ව්‍යාපෘතියකට ලැබුණු ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතියක් බව ත් ඒ සඳහා ඇ.ඩො.මි. 1.4ක් ලැබී ඇති බවත් බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කරයි.

