T20 පිතිකරණ ලැයිස්තුවේ පැතුම් උඩට

T20 පිතිකරණ ලැයිස්තුවේ පැතුම් උඩට

ලෝක විස්ස යි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලින් පැතුම් නිස්සංක 7වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ,ඊයේ (07) ඔස්ට්‍රේලියාවට එරෙහි ව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රැස් කළ ලකුණු 36ත් සමඟින්.

ඔහු හත් වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන්නේ, ප්‍රසාද ලකුණු 689ක් ලබා ගනිමින්.

පිළිවෙළින් පළමු, දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවන්නේ, බාබර් අසාම්, ඒඩන් මාක්‍රම් හා මොහොමඩ් රිස්වාන්.

තවමත් විස්ස යි විස්ස පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු වැනි ස්ථානය තම්බ්‍රේස් සම්ශිට හිමි වන අතර, වනිඳු හසරංග පසු වන්නේ, හය වැනි ස්ථානයේ යි.

COMMENTS