දේශබන්දුට අවසන් තීන්දුව දෙන දවස

මැයි 9 වන දා මයිනාගෝගම සහ ගෝඨාගෝගම ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීරණය ජූනි 15 වන දා අධිකරණය වෙත දැනුම් දීමට නියමිතය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන වාර්තාව ඒ පිළිබඳව විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා විසින් නීතිපතිවරයා වෙත භාර දෙනු ලැබ ඇත.
එම වාර්තාව මත පදනම්ව තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් වන තීරණය මෙලෙස අධිකරණය හමුවේ දැනුම් දීමට නියමිතව තිබේ.

