ක්‍රිකට් කණ්ඩායමට ජනපති සුබ පතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දැක්වු දක්ෂා ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබ පැතුම් එක්කර තිබේ.
සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
– උපුටාගැනීම –
ඊයේ සවස ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති විස්සයි විස්ස සීමිත ඕවර තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ තියුණු දස්කම් සහ අතිවිශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අපගේ ක්‍රිකට් කණ්ඩායමට පළමුව සුබ පැතුම් එක්කරමි.
එය සැබවින් ම විස්මජනක නිමාවක් සනිටුහන් කළ, විශිෂ්ට ගණයේ දක්ෂතාවන් පිළිඹිබු කළ අවස්ථාවක් විය.
මා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩාවක අත්දැකීමක් ලබා දුන් අප ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සහ එම කණ්ඩායමට මාගේ හදපිරි ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
– උපුටාගැනීම අවසන්


