සහල් හිඟයක් මවාපාපු අයට දැඩි දඬුවම්

සහල් හිඟයක් මවාපාපු අයට දැඩි දඬුවම්

කෘත්‍රිම ලෙස සහල් හිඟයක් මවාපෑම හේතුවෙන් පසුගිය දිනවල දෛනික සහල් මිලදී ගැනීම ඉහළ ගොස් වෙළදපොළ තුළ සහල් මිල ඉහළයාමක් නිර්මාණය වී තිබෙනවා.

මෙම තත්ත්වය පාලනය කිරීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය දීපව්‍යාප්තව වැටලීම් හා විමර්ශන අඛන්ඩව සිදුකරමින් පවතින අතර, 2022.06.11 වන දිනයේ පමණක් සහල් මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධ වැටලීම් 33ක් හා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් 18ක් සිදුකොට ඇති බවයි පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය නිවේදනය කළේ.

ජූනි මස පළමුවන දින සිට මේ දක්වා සහල් මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධ වැටලීම් 150ක් හා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් 70ක් වශයෙන් සහල් මිල හා සම්බන්ධ වැටලීම් 220 සිදුකොට වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් ලබාදීමට කටයුතු යොදා ඇති බව ඔවුන් නිවේදනය කළා.

උපරිම සිල්ලර මිලට වඩා වැඩිමිලට සහල් විකිණීම සම්බන්ධ වරදට පනත ප්‍රකාරව වැරදිකරුවන තනි පුද්ගල ව්‍යාපාරියකුට පළමු වරද සඳහා රු.100,000/= සිට රු.500,000/=දක්වා දඩමුදලක් හෝ මාස හයක සිරදඩුවමක් හෝ එම දඩුවම් දෙකම හෝ පැනවෙන වන අතර, වරදකරු සමාගමක් වන අවස්ථාවක පළමු වරද සඳහා වන දඩය රු.500,000/= සිට 5,000,000/= දක්වා වනවා.

COMMENTS