අනුරාධපුරයට විශේෂ ආරක්ෂාවක්

ජුනි 11 වනදා සිට ජුනි 16 වනදා දක්වා කාලය පොසෙන් සතිය ලෙස ප්රකාශ කිරීමත් සමඟ අනුරාධපුර පොසොන් උත්සවයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 2500 කට වැඩි පිරිසක් යොදවා ඇති බව පොලීසිය පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ පූජා භූමිවලින් පිටත ආරක්ෂාව සහ මාර්ග බාධක සඳහා යුද හමුදා සහයද ඉල්ලා ඇති බවයි.
මේ සදහා දිවයිනේ විවිධ ප්රදේශවල සිට විශේෂ දුම්රිය මගින් අනුරාධපුර නගරය වෙත පැමිණෙනු ඇති බැවින් දුම්රිය ස්ථාවලද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.
ඊට අමතරව ජලාශ ආශ්රිත ප්රදේශවල පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් සමග නාවික හමුදා හා සිවිල් ආරක්ෂක බලකා ජීවිතාරක්ෂක නිලධාරින් ද රාජකාරි යොදවා ඇති බව පොලිසිය සදහන් කරයි.
මේ අතර අනුරාධපුරය බලා පැමිණෙන රථවාහන අනු කලාපවලට බෙදා වෙන්කර සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ රථවාහන අංශවල ස්ථානාධිපතිවරුන් කලාප ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර රථවාහන සැලැස්ම ක්රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව අනුරාධපුර පූජා නගරය තුළ රථගාල් 18 ක් ද , මිහින්තලය පූජා නගරය තුළ රථගාල් 07 ක් ද ක්රියාත්මක වනු ඇත.
ඒවා පහතින් ,


