රජයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව

රජයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව

රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

රටේ පවතින ඉන්ධන අර්බුදකාරී තත්ත්වය මත මෙය සිදු කරන බවත් ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ‘ ඉන්ධන මිල වැඩිවීම නිසා දැනට රාජ්‍ය සේවකයින්ට විශාල අතිරේක වියදමක් දරන්න වෙනවා වැඩට පැමිණීමට හා ආපසු යෑමට. රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට ලබාදෙන සහනය උපයෝගී කරගනිමින් තමන් වාසය කරන ප්‍රදේශයේ කෘෂිකර්මයේ යෙදීමට අවශ්‍ය නම් එයට කෙළින්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහයෝගය හා විවිධ සහන ලබාදෙනවා.’ යනුවෙනුයි.