වෙළෙඳපොළේ පළතුරුවල හිඟයක්

රජය විසින් ආනයනික පලතුරුවලට පැනවූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හේතුවෙන් වෙළෙඳපොළේ පළතුරුවල හිඟයක් ඇතිවී තිබේ.
වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ විශේෂයෙන් ඇපල්, මිදි, දොඩම් සහ විදේශ රටවලින් ආනයනය කරන පළතුරු මෙලෙස හිඟ වී ඇති බවයි.
එලෙස පළතුරු හිඟවීම නිසා පිටකොටුව ඇතුළු ප්රධාන නගර රැසක වීදි පළතුරු අලෙවි කරන ස්ථාන වසා දමා තිබේ.
විදේශ රටවලින් ගෙන්වන පළතුරු හිඟවීම නිසා දේශීය පළතුරුවල මිල ගණන්ද ඉහළ ගොස් ඇත.

