ලබන වසරේ සිට පළමු ශ්‍රේණියට ළමුන් ගන්න අලුත් චක්‍රලේඛයක්

ලබන වසරේ සිට පළමු ශ්‍රේණියට ළමුන් ගන්න අලුත් චක්‍රලේඛයක්

2023 වසරේ සිට ඉදිරියට පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා සංශෝධිත නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය‍ පිළියෙල කර ඇති අතර එහි සඳහන් සංශෝධිත විධිවිධාන අදාළ කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මීට පෙර නිකුත් කළ චක්‍රෙල්ඛයන් ක්‍රියාත්මක කිරීමේදී ගැටලු පැන නැගී ඇති අතර ඊට විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු මෙන් ම ඒ පිළිබඳව වූ අධිකරණ තීන්දු ද සැලකිල්ලට ගෙන සංශෝධිත නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය පිළියෙල කර ඇත.

අදාළ යෝජනාව අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.