අරගලකරුවන් පිරිසක් කොළඹ සිට මහනුවරට පා ගමනක

අරගලකරුවන් පිරිසක් කොළඹ සිට මහනුවරට පා ගමනක

අරගලකරුවන් පිරිසක් කොළඹ සිට මහනුවරට පාගමනක් ආරම්භ කර තිබේ.

ඊයේ (13) උදෑසන 10ට පමණ බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිටින් මෙම පා ගමන පිටත් වී ඇති අතර, මහනුවරට ගොස් මහා නායක හිමියන් වහන්සේලා ද බැහැ දැකීමට නියමිත යි.

ඔවුන්ගේ පා ගමනේ තේමාව වන්නේ, ‘හොර බලමුලු බිඳ අරගලය ඉදිරියට’ යන්න යි.

එම පිරිස බ්‍රහස්පතින්දා මහනායක හිමියන් බැහැ දැකීමට නියමිත අතර, ඊයේ පා ගමන නිට්ටඹුවෙන් අවසන් වූ බව යි වාර්තා වෙන්නේ.

සංඝ ආඥාවක් නිකුත් කර වත්මන් ජනාධිපතිවරයා ගෙදර යැවීම මෙහි ප්‍රධාන අරමුණ යි.

ධම්මික පෙරේරාගේ පත්වීම, මහින්ද රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග පසුගිය දා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශ පිළිබඳව මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත අතර, කොළඹ සිට නුවරට වන පා ගමන, නැවතත් නුවර සිට කොළඹට පැමිණෙනු ඇති.