මහීෂ් T20 ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට – වනිඳුට හෙට තරඟය අහිමිවන ලකුණු

මහීෂ් T20 ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට – වනිඳුට හෙට තරඟය අහිමිවන ලකුණු

ඔස්ට්‍රේලියාව සමඟ ඊයේ (14) පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට හෙට (16) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරඟය අහිමිවීමට වැඩි ඉඩකඩක් ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ, ඔහුගේ පාදයේ ආබාධයක් ඇතිවීම හේතුවෙනි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අයිසීසී විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන 16 ක් ඉදිරියට පැමිණෙමින් අටවැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණ තිබේ.

නිමාවට පත්වූ ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේදී ද මහීෂ් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද නිකුත් කල විස්සයි විස්ස පන්දු යවන්නන් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එහි පළමු ස්ථානයේ රැදී සිටින්නේ ඔස්ට්‍රේලියාවේ ජෝස් හේසල්වුඩ්.

දෙවැනි ස්ථානය එංගලන්තයේ ආදිල් රෂිඩ් හටත් / තුන්වැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ ටැබ්රිස් ශම්සි ටත් හිමිව තිබේ.

වනිදු හසරංග 7 වැනි ස්ථානයේයි පසුවන අතර, වනිදු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් වර්ගීකරණ ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ රැදි සිටියි.