අනිද්දා සිට පෞද්ගලික බස් ධාවනය නවතින ලකුණු

අනිද්දා සිට පෞද්ගලික බස් ධාවනය නවතින ලකුණු

ප්‍රමාණවත් ලෙස ඩීසල් නො ලැබුන හොත් අනිද්දා සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ, ඩීසල් නොමැති වීම හේතුවෙන් අද දිනයේත් ධාවනය කෙරෙන්නේ සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 20ක් බව යි.

පවතින තත්ත්වය හමුවේ ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීමද මේ වනවිට අත්හිටුවා ඇති බව ඔහු ප්‍රකාශ කළා.

පවතින තත්ත්වය හමුවේ පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා අද සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්වල ඉගෙනුම ලබන පාසල් සිසුන් පමණක් ප්‍රවාහනය සඳහා පෞද්ගලික බස් රථ යොදා ගෙන ආරම්භ කර ඇති මෙම විශේෂ බස් රථ සේවාව සාමාන්‍ය බස් ගාස්තු යටතේ ක්‍රියාත්මකයි.

COMMENTS