දිගටම ඉන්ධන ඕනෑ නම් ඉන්දියාව ඇපකරයක් ඉල්ලයි

තවදුරටත් ශ්රී ලංකාවට ණය පහසුකම් මත ඉන්ධන ලබාදීමට නම් ඒ සඳහා පිළිගත හැකි ඇපකරයක් ඉල්ලීමට ඉන්දියාවේ එක්සිම් බැංකුව පියවර ගනිමින් සිටින බවට ලංකා ඛනිජ තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් දිනපතා පලවෙන පුවත් පතකට ප්රකාශ කර ඇත.
මේ වනවිටත් ඉන්දීය රජයේ මැදිහත්වීම මත ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් වටිනා ඉන්ධන ප්රමාණයක් ඉකුත් කාලයේදී මෙරටට ලබාදී තිබිණි. එම ණය යටතේ මෙරටට ලැබෙන මෙටි්රක් ටොන් හතළිස් දහසක් අඩංගු අවසන් ඩීසල් නෞකාව අද (16 වැනිදා) කොළඹ වරායට ළඟාවීමට නියමිතය.
මේ අතර තවත් ඩොලර් මිලියන 500 ක ඉන්ධන ණය මුදලක් ලබා ගැනීමට ශ්රී ලංකාව ඉන්දියාව සමග සාකච්ඡා කර තිබෙන අතර මේ මොහොතේ රටේ ආර්ථික අර්බුදය හා ආර්ථික බංකොලොත්භාවය හමුවේ යම් කිසි ඇපයක් මත හෝ එය ලබාගැනීමට අවධානය යොමු වී ඇතැයි ද එම උසස් නිලධාරියා වැඩි දුරටත් එම පුවත් පතට පවසා ඇත.
මේ අතර ගෑස් මෙට්රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා මූලික වටයේ තවත් සාකච්ඡාවක් අද (16) සිදු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
මෙම සාකච්ඡාව ඕමාන සමාගමක් සමඟ සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට හැකි ගෑස් නෞකා සම්බන්ධයෙන් හෙට (17) දිනයේදී නිල වශයෙන් ප්රකාශ කිරීමට හැකියාවක් පවතින බව ද ඔහු සඳහන් කළා.
ගෑස් නොමැති වුවත් ලිට්රෝ ගෑස් මිල රුපියල් 210 කින් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා ඇති බව ඔහු එහිදී කියා සිටියා.

