වාහන 220කට වැඩිය තෙල් ගහන්න බෑ – පෝලිම් වල නිකරුණේ ඉන්න එපා

වාහන 220කට වැඩිය තෙල් ගහන්න බෑ – පෝලිම් වල නිකරුණේ ඉන්න එපා

එක් බවුසරයකින් සැපයිය හැක්කේ වාහන 220කට අවශ්‍ය ඉන්ධන පමණක් බැවින් එම සංඛ්‍යාව ඉක්මවා පෝලිම් නිර්මාණය කර නොගන්නැයි ජනතාවගෙන් තමා ඉල්ලා සිටින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර ඊයේ (16) කොළඹදී පැවසීය.

ඒ අනුව, පෝලිම්වල සිටින සියලු දෙනාට එකවර ඉන්ධන ලබාදීමට නොහැකි බව ත්, පිරවුම්හල් අසල නිකරුණේ කාලය ගත නොකරන ලෙසත් කංචන විජේසේකර මහතා පැවැසීය.

ඉන්ධන පිරවුම්හලකට පැමිණෙන බවුසරයක ලීටර් 6,600ක පමණ ඉන්ධන තිබෙන බවත් එමගින් වාහන 220කට පමණක් ලබා දිය හැකි බවත් විජේසේකර මහතා කීය.

එක් ඉන්ධනහලකින් වාහන 200කට පමණක් ඉන්ධන ලබා දිය හැකි නිසා එක් ස්ථානයක එම සංඛ්‍යාවට වඩා රැඳී සිටීම කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව අමාත්‍යවරයා පැවැසුවේ ය.

වරකට ඉන්ධනහලකට යැවීමට හැක්කේ එක් බවුසරයක් පමණක් බැවින් නැවත පසු දිනයේ ඉන්ධන ලබා දීමට කටයුතු සැලසුම් කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

ඉන්ධනහල් අසල කලබල ඇති කරන ලද බව වාර්තා වුවහොත් එම දිනයේ එම පිරවුම්හලට ඉන්ධන බවුසර් ලබා නොදෙන බව ද විදුලිබල අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා අවධාරණය කළේය.