ඩෑන්ට ඇප නෑ – දුන් ඇපත් අවලංගුයි

2022 මැයි 09 වන දින මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් ඩෑන් ප්‍රියසාද් හෙවත් එච්. අබේරත්න සුරේෂ් ප්‍රියසාත් ලබන ජුලි මස පළමුවනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ මෙම නඩුව අද (17) විභාගයට ගත් අවස්ථාවේදී යි.
එහිදී ඩෑන් ප්‍රියසාද්ට ඇප ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියා. කෙසේ වෙතත් ඩෑන් ප්‍රියසාද් ශ්‍රී ලංකාවේ සුළු ජාතික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් වෛරී ප්‍රකාශ සිදු කළ බවට මීට පෙර නඩුවකදී එල්ල වූ චෝදනා හමුවේ ලබාදී තිබු ඇප මෙහිදී ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අද දිනයේ දී ඔහුට නැවතත් ඇප ලබා දීම සලකා බැලුණේ නැහැ.
අදාළ සිදුවීමට 2014 වසරේ ඇප ලබාදීමෙන් පසුව ද සැකකාර ඩෑන් ප්‍රියසාද් අවස්ථා කිහිපයකදී ම ඇප කොන්දේසි කඩකර ඇති බවයි කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.
මේ අනුව, ඇප පනතේ 14(1)iii සහ 14(2) වගන්ති අනුව ඔහුගේ ඇප අවලංගු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළා.

