ඉන්ධන ලබා ගත හැකි තැන් බලන්න හැඳු වෙබ් අඩවියත් වසා දමයි

ඉන්ධන ලබා ගත හැකි තැන් බලන්න හැඳු වෙබ් අඩවියත් වසා දමයි

ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් දැනගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දෙන ලද වෙබ් අඩවිය අක්‍රිය කර තිබේ.

එම අඩවියට පිවිසීමේදී සඳහන් කර ඇති පණිවිඩය දැක්වෙන්නේ අධිකාරියෙන් ලද උපදෙස් මත තාවකාලිකව වසා දමා ඇති බවයි.

රටපුරා ඉන්ධන බෙදාහැරීම සහ පිරවුම්හල්වල තෙල් තොග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම වෙබ් අඩවිය ආරම්භ කරනු ලැබීය.

මේ අතර ඉන්ධන බෙදා හැරීම සඳහා ඉන්ධන ටැංකි ධාරිතාවයෙන් 30%ක් පමණක් යොදා ගැනීමත් සමඟ දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම පහත වැටී ඇති බව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.

ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග ලබා නොදීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් පවතින බවයි ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එස්.එස්. ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
එබැවින් ප්‍රමාණවත් තරම් ඉන්ධන පිරවුම්හල්වලට බෙදා නොදෙන බැවින් ඉන්ධන

පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රනාන්දු මහතා පවසන පරිදි බස්නාහිර පළාතේ බෙදාහැර ඇත්තේ ඉතා සීමිත ඉන්ධන ප්‍රමාණයක් වෙනවා.

COMMENTS